මහරගම අපේක්ෂා රෝහලේ සිව් මහල් ළමා වාට්ටු ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණ චාරිකාවක්
කතරගම දෙවියන්ට පින් පිණිස රුහුණු මහා කතරගම දේවාලයේ පඩුරු පෙට්ටියට සහ ප්‍රධාන කාර්යාලයට බැතිමතුන් විසින් ලබා දෙන ආධාර මුදලින් ඉදිවන මහරගම අපේක්ෂා රෝහලේ සිව් මහල් ළමා වාට්ටු ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණ චාරිකාවක් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමා අද උදෑසන මහරගම අපේක්‍ෂා රෝහලට පැමිණි අවස්ථාව.
ඉදිකිරීම කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ලබාදෙන ශ්‍රී ලංකා ගුවන් හමුදා රණවිරුවන්ට සහ පිළිකා රෝගයට ගොදුරු වු නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් අතුලු සියලු දෙනාට උතුම් කඳ සුරිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !
එළඹෙන නව වර්ෂයේ මාර්තු මාසයේ දී නවීන පහසුකම් වලින් යුතු මෙම ළමා වාට්ටු සංකීර්ණය වැඩ නිම කිරීමට ද සැලසුම් කර ඇති අතර මේ මහඟු පින්කම සඳහා දායකත්වය ලබාදෙන සැමට කඳ සුරිඳු පිහිට ලැබේවා!!
📷 Sri Lanka Air Force